Friday, April 26, 2024

General line - 0115112241

නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරඟයෙන් ඕස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක්




සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 247 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (29) සමත් වුණා. ඕස්ට්‍රේලියාව පළමු ඉනිමේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 467 ක්. ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළේ ලකුණු 148 ක් පමණයි. 

ඕස්ට්‍රේලියාව සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 05 ක් දැවී ලකුණු 168 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ අනුව නවසීලන්තයට තරඟ ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 488 ක්. නමුත් නවසීලන්ත කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 240 ක් පමණයි.