Saturday, April 27, 2024

General line - 0115112241

බැඳුම්කර වංචාව ගැන නීතිපතිගෙන් කථානායකවරයාට දැනුම් දීමක් 




බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකර ඇති වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම අවස්ථාවේදී ඉදිරිපත් කිරීම සුදුසු නොමැති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් ලිඛිතව දැනුම් දී ඇති බව කථානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියා.

මෙම වෝහාරික විගණන වාර්තාව ලබාදෙන්නැයි පසුගිය 03 වැනිදා තමන්ට ඉදිරිපත්ව තිබූ ඉල්ලීම සම්බන්ධයෙන් කතානායකවරයා විසින් නීතිපතිවරයා ගෙන් මෙම විමසීම සිදුකර තිබුණා.

ඒ අනුව නීතිපතිවරයා කතානායකවරයා වෙත වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් නීති කෘත්‍ය ආරම්භ කර ඇති බැවින් හා ඉදිරියේදී තවදුරටත් නීති කෘත්‍ය සිදුවිය හැකි බැවින් එම වාර්තා මේ මොහොතේ මන්ත්‍රීවරුන්ට ලබාදීම සුදුසු නොවන බවයි.