Saturday, April 27, 2024

General line - 0115112241

විශිෂ්ඨතම ටෙස්ට් ඉණිම් අතරට කුසල්ගේ නමත්




2019 වසරේ විශිෂ්ඨතම ටෙස්ට් ඉනිම් අතරට ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා ද නිර්දේශ වී තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලකුණු 153 ක් රැස් කර ගනිමින් ගොඩනැගූ විශිෂ්ඨ ඉනිම වෙනුවෙන්. එය ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ හොදම ටෙස්ට් ඉනිම් අතරටද මීට පෙර බොහෝ පාර්ශව නිර්දේශ කර තිබුණා.

මෙවර කුසල් ජනිත් පෙරේරාගේ ඉනිම වසරේ හොදම ටෙස්ට් ඉනිම් 10 අතරට නිර්දේශ කර ඇත්තේ ලෝකප්‍රකට ක්‍රීඩා වෙබ් අඩවියක් වන ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියයි. ඔවුන්ගේ වාර්ෂික සම්මාන වෙනුවෙන් ඉදිරිපත් කළ නිර්දේශිත නාම අතරින් කුසල් ජනිත් පෙරේරාට අභියෝගයක් එල්ල කර ඇත්තේ ඔස්ටේ්‍රලියාවට එරෙහිව නොදැවී ලකුණු 135 ක් රැස් කරමින් බෙන් ස්ටොක් ගොඩ නැගූ ඉනිමයි.