Friday, April 26, 2024

General line - 0115112241

කාශ්මීරයේ හිම කඳු කඩා වැටීමෙන් පුද්ගලයින් 67ක් ජිවිතක්ෂයට 




හිම කඳු කඩා වැටීම හේතුවෙන් ඉන්දු-පකිස්ථාන දේශ සිමාවේ පිහිටි ජම්මු හා කාශ්මීර් ප්‍රාන්තයේ පුද්ගලයින් 67 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ගතවූ පැය 24ක කාලය තුලදී පකිස්ථාන පාලන ප්‍රදේශයේ පිහිටි කාශ්මීර් ප්‍රාන්තයේ ඇතිවූ හිමකඳු කඩා වැටීමෙන් පුද්ගලයින් 57 දෙනෙක්ද ඉන්දියාවේ පුද්ගලයින් 10 දෙනෙක් ද ජිවිතක්ෂයට පත්ව ඇත. මෙම හිම කඳු කඩා වැටීමෙන් තවත් විශාල පිරිසක් අතුරුදහන්ව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කාශ්මීර් හි උතුරු ප්‍රාන්තයේ ගම්මාන රැසක් හිම කඳු කඩා වැටීමෙන් විපතට පත්වී ඇති බවයි පාකිස්ථාන බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඇතිවී තිබෙන තත්ත්වය හේතුවෙන් මේ වන විට කාශ්මීරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති අතර විපතට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා හමුදාව යෙදවීමට ද පකිස්ථාන බලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.