Friday, April 26, 2024

General line - 0115112241

ජනාධිපති ට්‍රම්ප් ඉන්දියාවට




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එළඹෙන පෙබරවාරි මාසයේදී ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වනවා. අමෙරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂ ආරක්ෂක සහ සැපයුම් කණ්ඩායම් මේ සතියේදී වොෂින්ටන් සිට ඉන්දියාවේ, නව දිල්ලි අගනුවරට පැමිණිමට නියමිතව තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරයාට එරෙහිව ගෙනවිත් තිබෙනව දෝෂාභියෝගය හේතුවෙන් ඉන්දිය සංචාරය ක්‍රියාත්මක කරන දිනය සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ඉන්දීය බලධාරීන් සදහන් කර සිටින්නේ.

ඉකුත් වසරේ ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසට සහභාගිවන ලෙස අමෙරිකානු ජනාධිපතිවරයාට ආරාධනා කර තිබුනත් පසුව ඔහු එය ප්‍රතික්ෂේප කර තිබුණා.