Saturday, April 27, 2024

General line - 0115112241

අගමැති ප්‍රමුඛ රුසියානු රජය ඉල්ලා අස්වීමට තීරණය කරයි




අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙද්වෙදෙව් ප්‍රමුඛ රුසියානු රජය ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ, ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ඉල්ලීමකට අනුවයි. ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අග්‍රාමාත්‍ය දිමිත්‍රි වෙද්මෙදෙව් පැවසුවේ

ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවට සහය පළ කරමින් මෙම තීරණයට එළඹි බවයි. අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වන දිමිත්‍රි මෙද්වෙදෙව් රුසියාවේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස ජනාධිපති පුටින් විසින් පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එසේම සිය දැනුම්දීම අනුව ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයට ස්තූතිය පළ කර ඇති බව ද සඳහන්. 

කෙසේවෙතත්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ධූර කාලය එළඹෙන 2024 වසරේදී අවසන් වීමට නියමිතයි. වර්තමානයේ පවතින ව්‍යවස්ථාන අනුව ජනාධිපතිවරයාට යළිත් වරක් ජනාධිපතිධූරයට පත්වීමට හැකිවේද යන්න අවිනිශ්චිත බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.