Friday, April 26, 2024

General line - 0115112241

සජිත් පාර්ශ්වය අද සිට වෙනම ගමනක




විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයක් පිහිටුවා එළඹෙන මහ මැතිවරණයට තරග වදින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවා. ඊට කණ්ඩායම් රැස්වීමට සහභාගී වූ  පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 65දෙනෙකුගෙන් මන්තී‍්‍රවරු 52ක් සිය එකඟතාවය පළ කළ බවයි මන්තී‍්‍රවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එළඹෙන මහ මැතිවරණය සඳහා සන්ධානයකින් තරග වැදීමට අවශ්‍ය කටයුතු අද (17) සිට ආරම්භ කරන බවයි මෙම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු කියා සිටියේ. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මෙහිදී අදහස් පළ කරමින් සඳහන් කළේ ඊයේ පැවති සාකච්ඡා සාර්ථක බවයි. 

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් පසු එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් මාධ්‍ය වෙත පැවසුවේ ඊයේ පැවති මෙම සාකච්ඡා අසාර්ථක වූ බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන සිකුරාදා දිනයේ ලබා දෙන බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් පවසා සිටියා. ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.