Saturday, April 27, 2024

General line - 0115112241

නව මහබැංකු අධිපති ජනපති හමුවේ (UPDATE)




නව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (02) දහවල් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසුණා. ඒ, ජනාධිපති නිල නිවසේදීයි.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නව මහ බැංකු අධිපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවේ අද උදෑසනයි.

he meet kumaraswami web

 

…………………………………………………………….

මහ බැංකුවේ නව අධිපති නම් කෙරේ

 

ශ‍්‍රී ලංකා මහබැංකුවේ නව අධිපති ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත්කිරීමට තීරණය කර තිබෙනවා.

 

ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

 

අදාළ පත්කිරීම ලබන සඳුදා (04)සිදුකෙරෙනු ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.