Friday, April 26, 2024

General line - 0115112241

ඩෙංගු මදුරු කීටයින් විනාශ කිරීමට නව ක්‍රමවේදයක්




ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා යොදා ගත හැකි විෂ රහිත තිරසර ක්‍රමවේදයක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. හරිතප්‍රද යොදා ගනිමින් ඩෙංගු මදුරු කීටයන් මර්ධනය කිරීමට හැකි මෙම නව ක්‍රමවේදය ඉදිරිපත් කර ඇත්තේ ජර්මන් ජාතික ඩොනාට් පීටර් හේඩර්  විශේඥ වෛද්‍යවරයා විසින්.

තණකොළ සහ කෙසෙල් කොළවලින් ලබා ගත් හරිතප්‍රද හෙවත් ක්ලෝරෝපිල් භාවිතා කරමින් සාදා ගන්නා ලද සාන්ද්‍රණයක් මගින් මදුරු කීටයන් මර්ධනය කර හැකි බවයි විශේඥ වෛද්‍ය ඩොනාට් පීටර් හේඩර් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. මේ පිළිබඳව දැනුම් දී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් පසුවයි.