Saturday, April 27, 2024

General line - 0115112241

ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට පෙර පංච පුද්ගල කමිටුවක්




මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක කිරීමට සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට වැඩබලන පොලිස්පති සීි. ඩී. වික්‍රමරත්න විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. 

එම කමිටුවට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු  ඇතුළත්. 

මේ අතර වැඩතහනමට ලක් කෙරුණු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නැයි නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට ඊයේ (23) උපදෙස් ලබාදුන්නා. 

ඒ, විනිසුරු ගිහාන් පිලපිටිය, පර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ සිදුකල මතභේදාත්මක දුරකථන සංවාද සම්බන්ධයෙන් ඉදිරිපත් වු සියලු සාක්ෂි හා කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි.

හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මෙන්ම වැඩතහනමට ලක් කෙරුණු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය හා මහේස්ත්‍රාත් ධම්මික හේමපාල, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග සිදුකළ දුරකථනය සංවාද පිළිබඳ තාක්ෂණික සාක්ෂි, අදාළ දුරකථන සේවා සපයන ආයතන මගින් ලබාගන්නැයි ද නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට උපදෙස් ලබාදී තිබෙනවා. 

වැඩතහනමට ලක්කෙරුණු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය, අධිකරණයේ නීතිමය කටයුත්තක් සඳහා සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ කුමන්ත්‍රණය කළ බවට  ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බවයි නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට ඊයේ දැනුම් දුන්නේ.