Friday, April 26, 2024

General line - 0115112241

මගීන් 83ක් සමග ගුවන් යානයක් ඇෆ්ගනිස්ථානයේදී කඩා වැටේ 




මගීන් 83 දෙනෙක් රැගත් ඇෆ්ගනිස්ථාන Ariana ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙම ගුවන් යානය අනතුරට ලක්ව ඇත්තේ තලෙයිබාන් සටන්කාමින් ගේ පාලනයට නතු ගසානි ප්‍රාන්තයට බවයි වාර්තා වන්නේ.

බෝයිං 737 වර්ගයට අයත් මෙම ගුවන් යානය ගිනිගෙන කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

අනතුරෙන් පසුව එම ස්ථානයට ලඟා වූ තලෙයිබාන් සටන්කාමින් ගුවන් යානයේ හටගෙන ඇති ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවත් ඇෆ්ගනිස්ථාන විශේෂ බලකායේ සෙබළුන් එම ස්ථානය වෙතට ලඟා වෙමින් සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

ගුවන් යානයේ ගමන් කරමින් සිටි මගීන්ට සහ කාර්ය මණ්ඩලය අනතුරෙන් කුමක් සිදුවූවාද යන්න මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි ඇෆ්ගනිස්ථාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ.