Friday, April 26, 2024

General line - 0115112241

කොරෝනා නිසා පුද්ගලයින් 106ක් ජිවිතක්ෂයට : ලොවපුරා රටවල් 15කින් රෝගීන් හමුවේ




චීනයේ පැතිරෙමින් යන නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 106 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

මෙලෙස මියගොස් ඇති පිරිසට අමතරව තවත් පුද්ගලයින් 4000 කට පමණ කොරෝනා වෛරසය වැලදී ඇති බවයි චීන බලධාරින් සඳහන් කරන්නේ.

චීනයට අමතරව ලොවපුරා රටවල් 15 කින් නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් හමුවී ඇත.

නමුත් මේ දක්වා චීනයෙන් පිටත කිසිදු රෝගියෙක් ජිවිතක්ෂයට පත්ව නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.