Saturday, April 27, 2024

General line - 0115112241

වුහාන් නගරයේ සිරවු ශ්‍රී ලාංකිකයින් ගැන තවදුරටත් සාකච්ඡා




චීනයේ වුහාන් නගරයේ සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් 33දෙනා එම නගරයෙන් ඉවත් කර ගැනීමට අදාළ සාකච්ඡා තවදුරටත් සිදුවෙමින් පවතිනවා. වුහාන් නගරයට ඇතුළු වීමට හෝ පිටවීමට කිසිවෙකුටත් චීන බලධාරීන් මෙතෙක් අවසර ලබා නොදීම හේතුවෙන් සිසුන් පිරිස මෙරටට ගෙන්වා ගැනීම දුෂ්කර වී ඇති බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් චීන බලධාරීන් සමග සමීපව කටයුතු කරන බවද චීනයේ ශ්‍රී ලංකා වැඩ බලන තානාපති කේ කේ යෝගනන්ද නෙත් නිවුස් වෙත කියා සිටියා.

වුහාන් නගරයට සමීපවීම සඳහා කිසිදු අවස්ථාවක් මේ වන විට නොමැති බවයි වැඩ බලන තානාපතිවරයා කියා සිටියේ. 

චීනයේ සිටින මෙරට සිසුන් 176 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාව වෙත පිටත් කර හැර තිබෙනවා. ඒ අනුව මේ දක්වා දිවයිනට එවා ඇති මුළු සිසුන් සංඛ්‍යාව 380 ක් වනවා. ශ්‍රී ලාංකිකයින් 557 දෙනෙකු පමණ චීනයේ වාසය කරනවා.