72 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් පෙරපුහුණුවීම් හෙට සිට ආරම්භ වනවා. කොළඹ නිදහස් චතුරශ්‍රයේදී මෙවර ජාතික නිදහස් සැමරුම සිදුකිරීමට නියමිතයි. ඒ සදහා වූ පෙර පුහුණුවීම්ද කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදු කෙරෙනවා.
මේ නිසා හෙට (31) සිට ලබන 4 වනදා දක්වා විශේෂ රථ වාහන ධාවන සැලැස්මක්ද කොළඹ නිදහස් චතුරශ්‍රය අවට ක්‍රියාත්මක වන බවයි පොලීසිය පැවසුවේ.
මේ, ඒ පිළිබද කරුණු දක්වන පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්යක්ෂ, පොලිස් අධිකාරී, ජාලිය සේනාරත්න.