Wednesday, January 29, 2025

General line - 0115112241

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් - තීන්දුව කථානායකට

උදය කුමාර




පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කර තිබෙනවා. 

එහි රහසිගත තීන්දුව ජනාධිපතිවරයාට සහ කථානායකවරයාට යොමු කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේ. 

පුරා දින දෙකක් තිස්සේ පැවැත්වූ නඩු විභාගය අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබුවා. 

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතා ඇතුළු පාර්ශව හතරක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.