Friday, April 26, 2024

General line - 0115112241

බස් අනතුරෙන් 25 ක් රෝහලේ




 

අද (02) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

සෙල්ලකතරගම සිට බුත්තල දෙසට කිලෝමීටර් 5 ක් පමණ දුරින් වූ ස්ථානයකදී අනතුර සිදුව තිබුණා.

ඒ, වන්දනා නඩයක් ගමන් ගත් බස් රථයක්, ලොරි රථයක් පසුකර යෑමට උත්සහ දරද්දී පෙරළී යාමෙන්.

අනතුරින් තුවාල ලැබූ දස දෙනෙකු දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කළා. සුළු තුවාල ලැබූ තවත් 15 දෙනෙකු කතරගම දිසා රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.