Tuesday, July 14, 2020

Advertising - 0773953664 | General line - 0115112241

කවුපි ඇටයක් සිර වී දරුවෙකු මරුට

ලලිත් චාමින්ද

10057Views


 


 

කවුපි ඇටයක් සිර වීමෙන් අවුරුදු 01යි මාස 08ක දැරියක් මියගොස් තිබෙනවා.

දැරියගේ ස්වශන මාර්ගයේ කවුපි ඇටය සිර වී ඇති බවයි වාර්තා වුණේ.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවති හදිසි මරණ පරික්ෂණයකදී මේ බව අනාවරණය වුණා.

මියගොස් ඇත්තේ කාරියවසම් ලොකුගමගේ එසදි අයන්සා නැමති ඔඹරහෙනගෙදර, අතුලවිල හොරන්ගල්ල තල්ගස්විල ප්‍රදේශයේ පදිංචි දැරියකි. 

හදිසි මරණ පරික්ෂණයේ දී සාක්ෂි ලබාදෙමින් මියගිය දැරියගේ පියා වන චාමර මදුරංග (29) නැමැත්තා මෙසේ සඳහන් කර තිබෙනවා.

"දැරිය මගේ ලොකු දුව. මගේ බිරිඳ තමයි දරුවන් දෙදෙනාවම බලා ගත්තේ. බිරිඳ උදේ දරුවාට බත්දෙන්න හැදුවා. නමුත් බත් කෑවෙ නැහැ. පසුව බිරිඳ කවුපි ඇට තැම්බුවා. උදැසන 9.00 ට පමණ බිරිඳ සාලයේ ඉදගෙන  පොඩි හැන්දකින් ලොකු දරුවට කවුපි ඇට කැව්වා. 
එකපාරට දරුවාට කැස්සක් අවා. දරුවාට කැස්ස වැඩි නිසා තෙරුණා එය හිස්මොලයේ ගියා කියලා. අපි දරුවාගේ පිටට තට්ටු කළා. දරුවාගේ කැස්ස අඩු වුනා. දරුවා ඉක්මනින්ම රෝහලට රැගෙන ගියා. හෙදි නිලධාරිණිය දරුවාගේ පිටට තට්ටුකොට බැලුවා. වෛද්‍යවරයෙක්ද ආවා. දරුවා කරාපිටිය රෝහලට මාරු කළා. හදිසි ප්‍රථිකාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී  දරුවා මියගියා."

පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එච්.ඩී වීරරත්න විසින් කළ අතර එහිදී කවුපි ඇටයක් ස්වශන මාර්ගයේ හිරවීමෙන් හුස්ම ගැනීමට අපහසුවීමෙන් මරණය සිදු වී ඇති බවට තින්දු කර තිබෙනවා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here