Friday, April 26, 2024

General line - 0115112241

කොරෝනා භීතියෙන් පසු ලෝක ආර්ථිකය හිස ඔසවයි




කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමෙන් පසු බිඳ වැටුණු ලෝක ආර්ථිකය මේ වනවිට ක්‍රමයෙන් යථා තත්වයට පත්ව තිබෙනවා. අද  (12) දිනයේ ආසියානු කොටස් වෙළඳපොළ මිල දර්ශකය ද අමෙරිකානු කොටස් වෙළඳපොළ මිල දර්ශකය ද ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ජපානය, හොංකොං සහ ඕස්ට්‍රේලියාවේ ද කොටස් වෙළඳපොළ මිල ගණන් ඉහළ ගොස් ඇති බව සඳහන්. 

වෛරසයේ ව්‍යාප්තිය ක්‍රමයෙන් පහළ යාමත් සමග ලෝක ආර්ථිකයේ වර්ධනයක් පිළිබඳ මෙමගින් බලාපොරොත්තු තැබිය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. කෙසේ වෙතත්, චීන කොටස් වෙළඳපොළ මිල දර්ශක අගයන් තවදුරටත් පහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ. මේ අතර ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ද අඩු වී තිබෙනවා. ඊට ද බලපා ඇත්තේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තියයි. එය සැලකෙන්නේ මාස 13 කට පසු ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි වාර්තා වූ අඩුම අගය ලෙසයි. 

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වම හේතුවෙන් ලොව පුරා සිදු වූ මරණ සංඛ්‍යාව 1107 ක් දක්වා අද ඉහළ ගියා. ඒ අතර හොංකොං සහ පිලිපීනයෙන් අලුතින් වාර්තා වූ මරණ 02 ක් ද අයත්. ගත වූ පැය 24 තුළ චීනයෙන් අලුතින් කොරෝනා මරණ 94 ක් වාර්තා වී තිබෙනවා. වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී ඇත මුළු සංඛ්‍යාව ද 44,138 ක්.