Friday, April 26, 2024

General line - 0115112241

රුසියානු මුහුදේ ප්‍රබල භූකම්පනයක්




දකුණු රුසියානු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 6.9 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුව තිබෙනවා. මෙම භූකම්පනය හේතුවෙන් මේ දක්වා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මෙම භූකම්පනය මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 143ක් ගැඹුරින් සිදුව ඇති බවයි අමෙරිකානු භූ සමීක්ෂණ ඒකකය සඳහන් කරන්නේ.