Saturday, April 27, 2024

General line - 0115112241

පොහොට්ටුවෙන් මැතිවරණයට එන්න ශ්‍රීලනිපයත් කැමැත්තෙන්




ඉදිරි මහ මැතිවරණයේදී පොහොට්ටුව ලකුණින් තරඟ කළ යුතු බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අම්බලන්ගොඩ පැවති උත්සවයකදීයි.

කෙසේ වෙතත් මෙම උත්සවයට සහභාගී වූ දකුණු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා ප්‍රකාශ කළේ වර්තමාන මැතිවරණ ක්‍රමය රටට අගතිදායක බවය.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර කිසිදු ගැටලූවක් නොමැති බවයි. 

ඔහු මෙම අදහස් පළ කළේ ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදීයි.