Friday, April 26, 2024

General line - 0115112241

රාජ්‍ය ඇමතිවරයෙක් නිලධාරියෙකුට බලපෑම් කරන තවත් සිද්ධියක් මතු වෙයි




ගාල්ල - වඳුරඹ මහා විද්‍යාලය ආසන්නයේ පදිංචි සිසුවෙකු එම පාසලට ඇතුළත් කර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය මොහාන් ප‍්‍රියදර්ශන ද සිල්වා එම විද්‍යාලයේ විදුහල්පතිවරයාට කළ තර්ජනය හෙළා දකින බව ගුරු සංගම් පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙම තර්ජනය සිදුකර තිබුණේ ඊයේ (18) පැවැති බද්දේගම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදීයි. 

මෙම අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය මොහාන් පි‍්‍රයදර්ශන ද සිල්වා නීතියට පටහැනිව කටයුතු කර ඇති බවටයි ගුරු සංගම් චෝදනා කරන්නේ.

ලංකා ප‍්‍රගති ගුරු සංගමයේ ලේකම් ලලිත් සේනානායක මේ බව කියා සිටියා.