Friday, April 26, 2024

General line - 0115112241

වැඩතහනමට ලක්වූ ගිහාන් පිලපිටියගේ අභියාචනය හෙටට කල් යයි 




හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා පොලිසියට ලබා දී ඇති උපදෙස් අභියෝගයට ලක්කරමින් ඔහු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති රිට් පෙත්සම හෙට (20) දින සලකා බැලීමට අභියාචනාධිකරණය අද දින නියම කළා. 

මෙම රිට් පෙත්සම අද පෙරවරු 11:30 ට අභියාචනාධිකරණයේදී සලකා බැලීමට කැදවූ අවස්ථාවේ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇති පළමු වග උත්තරකරු ලෙසට නම් කර ඇති වැඩබලන පොලිස්පතිවරයාට හෙට දින අධිකරණයේ පෙනී සිටීමට නොතීසි භාර දෙන ලෙසට පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කරන ලදී.

මෙම පෙත්සමෙන් පෙත්සම්කරු කරුණු වසන්කොට ඇති බැවින් මෙම පෙත්සම මුල් අවස්ථාවේ ප්‍රතික්ෂේප කරන ලෙසට නීතිපතිවරයා ඉල්ලා සිටියා. 

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සමග දුරකථන සංවාදයක නිරත්වීමට අදාළව මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය දෙවන සැකකරු ලෙසට නම් කර  අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා පොලිසියට උපදෙස් ලබා දී තිබුණා.