Wednesday, April 8, 2020
Hotline - 0770586666

මනෝ තිත්තවැල්ලයන් ගේ භෂ්මාවශේෂ කොළඹට රැගෙන එයි

1525Views


 


මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කළ මනෝ තිත්තවැල්ල ඕස්ට්‍රේලියාවේ ප්‍රතිකාර ලබමින් සිටියදී 
පෙබරවාරි මස 03 වෙනිදා අභාවප්‍රාප්ත වුවා.

මනෝ තිත්තවැල්ල මහතාගේ භෂ්මාවශේෂ පෙබරවාරි මස 24 වෙනිදා මිහිදන් කිරීමට නියමිතව ඇති අතර ඊට පෙර දහවල් 12.00 සිට සවස 6.00 දක්වා මහජන ගෞරවය වෙනුවෙන් කොළඹ බොරැල්ලේ පිහිටි ජයරත්න මල් ශාලාවේ පිහිටි "The Respect" ශාලාවේ තැන්පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මනෝ තිත්තවැල්ල ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සභාපතිවරයා සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම, පසුගිය ආණ්ඩුවේ සංහිදියා යාන්ත්‍රණ පිළිබද ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ ඔහු, 2003 වසරේ සිට 2005 වසර දක්වා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයා වශයෙන් ද කටයුතු කර තිබෙනවා.

ක්‍රමෝපාය ව්‍යවසාය කළමනාකරණ ආයතනය හෙවත් ‘සේමා’ ආයතනයේ ප්‍රථම සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා වූ ඔහු ජාතික ආර්ථික සංවර්ධන මණ්ඩලයේ සහ ජාතිය ගොඩනැගීමේ කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස සුනාමි ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය කරනු ලැබුවා.

රාජ්‍ය සේවයේ ඔහු හෙඹවූ තවත් තනතුරක් වූයේ ‘පර්ක්’ හෙවත් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයයි.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here