Saturday, April 27, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් UN මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් වාර්තාවක්




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරයට ඉදිරිපත් කිරීමට නියමිත බව කියන වාර්තාවක තොරතුරු විදෙස් මාධ්‍යට අනාවරණ කර තිබෙනවා.

30/1 යෝජනාවට අනුකූලව සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීමේදී ශ‍්‍රී ලංකාව යම් ප‍්‍රගතියක් ලබා ඇති බව මහකොමසාරිස්වරිය අදාළ වාර්තාවේ සඳහන් කර ඇති බවයි බීබීසි ලෝක සේවය වාර්තා කර ඇත්තේ.

කෙසේවෙතත් ශ‍්‍රී ලංකා ආණ්ඩුව දඬුවම් ලබා දීමට අපොහොසත් වීම හා ආයතන ප‍්‍රතිසංස්කරණය කිරීමට දක්වන නොහැකියාව හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝණයවීම් යළි ඇති විය හැකි බවටද එහි සඳහන් කර තිබෙනවා.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක 30/1 යෝජනාවලිය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කිරීම, ප‍්‍රවර්ධනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජය සමග එක්ව කටයුතු කරන ලෙසයි මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය, මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා ඇත්තේ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රගතිය සමීපව නිරීක්ෂණය කරන ලෙසද ඇයගේ ඉල්ලීමේ සඳහන්. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2015 වසරේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ 30/1 යෝජනාවලියෙන් ඉවත් වීම සඳහා ඒකමතිකව කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ (20) ප‍්‍රකාශ කළා.