Friday, April 26, 2024

General line - 0115112241

රටේ මූල්‍ය තත්වය ගැන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්

කමල් සුරවීර / හේරත් ඒකනායක




අතුරු සම්මත ගිණුම සම්මත කරගැනීමට නොහැකි වුව ද රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා පැවසුවේ අතුරු සම්මත ගිණුම හරහා මුදල් ඉල්ලා සිටියේ ඉකුත් ආණ්ඩුව සමයේ සිදු කළ කොන්ත්‍රාත් වෙනුවෙන් මුදල් ගෙවීමට බවයි. 

මහමැතිවරණය වෙනුවෙන් ගොඩ නැගූ නව සන්ධානයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් කර ගැනීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් අග්‍රාමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.