Friday, April 26, 2024

General line - 0115112241

කොරෝනා මාරයා වෙනස්‌ වෙයි : දින 14 නිරෝදාන ක්‍රියාවලියෙන් රෝගය හඳුනාගත නොහැකි - සුවවූ අයටත් යලි වෛරසය වැළදිලා




කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමට දින 14ක කාලයකට වඩා වැඩි කාලයක් ගතවන බවට වෛද්‍යවරුන් තහවුරු කරගෙන තිබෙනවා.

චීනයේ 70 හැවිරිදි රෝගී පුද්ගලයෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට සැකය මත හුබෙයි ප්‍රාන්තයේ රෝහල් ගත කර ඇතිමුත් ඔහුට වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 27ක කාලයක් ගතව තිබෙනවා.

කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයෙකුට රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමට මිට පෙර දින 14ක් ගතවන බවට මිට පෙර වෛද්‍ය විශේෂඥයින් ප්‍රකාශ කලත් මෙම සිද්ධියත් සමග සැසදීමේදී දින 14ක නිරෝදාන කාලය ප්‍රමාණවත් නොවන බවයි හුබෙයි ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරින් ප්‍රකාශ කර සිටින්නේ.

මේ අතර කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය වැලදී ඉන් සුවය ලබා පිටව යන රෝගීන් යලි දින 14ක කාලයක් නිරෝදාන ක්‍රියාවලියකට යටත් කළ යුතු බව වෛද්‍ය විශේෂඥයින් සඳහන් කර සිටිනවා.

වෛද්‍ය විශේෂඥයින් සඳහන් කර සිටියේ කොරෝනා වෛරසය වැළදීමෙන් සුවය ලැබු පුද්ගලයින් කිහිප දෙනෙක්ම ඉන් දින කිහිපයකට පසුව යලි සිදුකල වෛද්‍ය පරීක්ෂණ වලදී ඔවුන්ට යලි කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වූ බවයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම ආරම්භ වූ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වෛද්‍ය පරීක්ෂණ සිදුකරනු ලබන වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය Zhao Jianping සඳහන් කර සිටියේ මෙය ඉතා බැරැරූම් තත්ත්වයක් බවයි.

රෝගයෙන් සුවය ලබන රෝගීන් නිවෙස් වෙත නොයවා ඔවුන්ව රඳවා තබා ගැනීම මේ වන විට විශාල ගැටලුවක් වී තිබෙන බවයි විශේෂඥ වෛද්‍ය Zhao Jianping සඳහන් කර සිටියේ.