Saturday, April 27, 2024

General line - 0115112241

හැම්බර්ග් සහ හරක් මස් කෑමට කැමති අමෙරිකානු ජනාධිපතිවරයාට ඉන්දියාවේදී කුමක් සිදුවේද ? (PHOTOS)




හැම්බර්ග් සහ හරක් මස් කෑමට අතිශය රුචියක් දක්වන අමෙරිකානු ජනාධිපතිවරයාට සිය ඉන්දීය සංචාරයේදී ඔහුගේ ආහාර සම්බන්ධයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇත්ද යන්න සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය දැඩි අවධානයක් යොමු කොට තිබෙනවා.

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් පැමිණියා.

හින්දු භක්තිකයින් බහුලව සිටින ඉන්දියාව තුල ගවයා පුජනීය සත්වයෙක්‌ සලකනවා. ඒ හේතුවෙන් ඉන්දියාව තුල ගවමස් සොයා ගැනීම ඉතා අසීරු කරුණක් වන්නේ එරට ගවයින් මැරිම සපුරා තහනම් වන බැවින්ය.

ඉන්දියාව තුල ක්‍රියාත්මක මැක්ඩොනල්ඩ් අවහන් ජාලයද සිය ආහාර සඳහා හරක් මස් එකතු කර නොගනී.

ජනාධිපති ට්‍රම්ප් ගේ සමිපතයෙක් විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා කිසිදු විටක එළවලු ආහාරයට ගන්නා බවක් තමන් දැක නොමැති බවයි.

වරක් ධවල මන්දිරයේ පැවති රැස්වීමක් අවසානයේදී ජනාධිපති ට්‍රම්ප් විසින් එහි රැස්ව සිටි පිරිසට චීස් බර්ගර් වලින් සංග්‍රහ කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ද දැඩි හින්දු භක්තිකයෙක් වන අතර ඔහු ආහාරය සඳහා මස් මාංශ එකතු කර නොගන්නා රාජ්‍ය නායකයෙක් බවට ප්‍රසිද්ධියක් උසුලනු ලබනවා.

රාජතාන්ත්‍රික සංචාරයකදී උදෑසන ආහාරය, දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය ප්‍රමුඛ ස්ථානයක් ගනු ලබනවා. ඒ රාජ්‍ය නායකයින් සිය සාකච්ජා අතර වාරයේදී සිය රටට පැමිණෙන රාජ්‍ය නායකයින්ට කෑම වේලක් සඳහා ඇරයුම් කිරිම සාම්ප්‍රදායිකව සිදුකරන බැවින්.

අමෙරිකානු ජනාධිපතිවරයා සහ ආර්යාව ඉන්දීය ජනාධිපතිවරයාගේ නිවසේ දී හෙට රාත්‍රියේ දී රාත්‍රී ප්‍රිය සම්භාෂණයකට එක්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම අමෙරිකානු ජනාධිපතිවරයාට ඉන්දීය අගමැතිවරයා ගෙන් දිවා ආහාරයක් සඳහා ඇරයුම් ලැබී තිබෙනවා.

සැමවිටම සිය පුද්ගලික සුවපහසුව අගයන පුද්ගලයෙක් වන ජනාධිපති ට්‍රම්ප් තමන්ට හුරු පුරුදු ඇද නොමැතිව නිදා ගන්නා පුද්ගලයෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා.

ජනාධිපතිධුරයට පත්විමෙන් පසුව අමෙරිකාවේ බටහිර වෙරළ කලාපයේ සංචාරයක් සඳහා එක්වූ ඔහු සෑම රාත්‍රියකම ලාස් වේගාස් හි පිහිටි සිය හෝටලයට පැමිණ ඇත්තේ එහි පිහිටි තම කාමරයේ නිදාගැනීමටය.

මෙම ඉන්දීය සංචාරය තුලදී ජනාධිපති ට්‍ර්ම්ප් එක් රාත්‍රියක් පමණක් ඉන්දියාවේ ගත කිරිමට නියමිතයි.

මෙම දින දෙකක කාල සීමාවේදී ජනාධිපති ට්‍රම්ප් කුමක් ආහාරයට ගනු ඇත්ද යන්න සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යන් මේ වන විට දැඩි අවධානයකින් පසුවනවා.

" ජනාධිපතිවරයා කුමක් ආහාරයට ගනු ඇත්ද යන්න සිතීම උගහටයි. නමුත් ඉන්දියාව කිසිදු අවස්ථාවකදී අමෙරිකානු ජනාධිපතිවරයාට චීස් බර්ගර් පිලිනොගන්වනු ඇති බවයි" විශ්‍රාමික නිලධාරියෙක් CNN පුවත් සේවයට ප්‍රකාශ කර සිටියා.