Saturday, April 27, 2024

General line - 0115112241

වැසිකිළි පහසුකම් තිබුණත් යන්නෙ නැති පිරිසක් (PHOTOS)




රට ලස්සන කිරීම සහ පරිසරයේ සුන්දරත්වය රැකගැනීම පිළිබඳ බොහෝ දෙනා උනන්දු වන සමයක අගනුවර අපවිත‍්‍ර කරන පිරිසක් ගැන නෙත් නිවුස් වෙත අනාවරණ වුණා.

නෙත් නිවුස් ශ‍්‍රාවකයින් කිහිපදෙනෙකු ඒ පිළිබඳ කරුණු දැක්වූයේ මෙලෙසයි.

"මේ පාරවල්වල පුරුද්දක් ලෙස දිගටම වෑන් නතර කරනවා. ඒ අවට තමයි මේ වැඩේ වෙන්නෙ. ඒ අසළින්වත් යන්න බෑ. හරිම ගඳයි. ඒ ළඟ වැසිකිළි පහසුකම් තිබුණත් ඔවුන් ඒ තැන්වලට යන්නේ නෑ."

නීති පනවා මෙවැනි තත්ත්වයන් වැළැක්වීමට පෙර අගනුවර අපවිත‍්‍ර කරන මෙවැනි පුද්ගලයින් තම කි‍්‍රයාවන් පිළිබඳ යළි සිතා බැලිය යුතු බව නෙත් නිවුස් සිහිකැඳවනවා.