Saturday, April 27, 2024

General line - 0115112241

මන්ත්‍රී නාමල්ට රට යන්න අධිකරණයෙන් අවසර




පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් 04 දෙනෙකුට ජුලි මස 23 වනදා තෙක් කාලසීමාව තුළ විදේශගත වීම සදහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා. ඒ, අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15 ක මුදලක් එන්. ආර් කන්සල්ටේෂන් පුද්ගලික සමාගම හරහා විශුද්ධීකරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පස්දෙනෙකුට එරෙහි නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ කැදවූ අවස්ථාවේදීයි. 

නීතිපතිවරයාගෙන් මෙම නඩුවට අදාළව උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව පොලිසිය මෙහිදී අධිකරණයට අද දැනුම් දුන්නා. ඒ අනුව මෙම නඩුව ජූලි මස 23 දා කැදවීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ.