Saturday, April 27, 2024

General line - 0115112241

බස්නාහිර පළාතේ වැටලීම් වලින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 4ක් අත්අඩංගුවට




බස්නාහිර පළාතේ ස්ථාන තුනක සිදුකල විශේෂ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන්  සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි සිදුකල විශේෂ වැටලීමකදීයි.

ඒ අනුව වත්තල තෙලඟපාත ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 01 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව සේදවත්ත කළුපාලම අසලදී හෙරොයින් ග්‍රෑම් 120 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. ගල්කිස්ස පොලිස් වසමේදී ගංජා කිලෝ ග්‍රෑම් 06 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.