Friday, April 26, 2024

General line - 0115112241

කැලණිය විශ්ව විද්‍යාලයේ දළුගම පරිශ්‍රය සිසුන්ට තහනම් කෙරේ 




කැළණිය විශ්ව විද්‍යාලයේ දළුගම පරිශ්‍රය සියලුම සිසුන්ට තහනම් ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කිරීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු 08 ට පෙර සියලුම සිසුන් නේවාසිකාගාරවලින් ඉවත්විය යුතු බවටයි පාලනාධිකාරිය දැනුම් දී ඇත්තේ.

2017 - 2018 අධ්‍යයන වර්ෂය හෙටින් අවසන් වීමට නියමිතයි. කෙසේවෙතත්, සති අන්ත පශ්චාත් උපාධි පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා, සහතික පත්‍ර පාඨමාලා සහ ඊට අදාළ සියලුම විභාග නැවත දැනුම්දෙන තුරු නොපැවැත්වෙන බව ද කැළණිය විශ්ව විද්‍යාලයේ විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසනවා.