Friday, April 26, 2024

General line - 0115112241

මහ මැතිවරණයේදී මඩ දේශපාලනය නතර කිරීමට අලුත් වැඩපිළිවෙළක්




ඉදිරි මහ මැතිවරණයේදී වැරදි තොරතුරු හා මඩප්‍රචාර මාධ්‍ය හරහා සමාජගත වීම වැලැක්වීම සඳහා වන විශේෂ වැඩපිළිවෙලක් ආරම්භකර තිබෙනවා. ඒ, ප්‍රධාන දේශපාලන ධාරාවේ සිටින තරුණ දේශපාලන නියෝජිතයන්ගේ එකමුතුවක් හරහායි. එය නම්කර ඇත්තේ සත්‍ය චතුරශ්‍රය ලෙසින්.

මැතිවරණ කටයුතු ආරම්භ වූ පසු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය කෙරෙන වැරදි තොරතුරු හා මඩප්‍රචාර පිලිබඳ ඔවුන් විසින් සතිපතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙන්ම ජනතාව ද දැනුවත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රසික ජයකොඩි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වුවා. 

මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන් නව අභියෝගයකට මුහුණදී සිටින බවයි මෙම මාධ්‍ය හමුවට එක්වූ පොදුජන තරුණ පෙරමුණේ සාමාජික මිලින්ද රාජපක්ෂ සඳහන් කලේ. 

මේ, එම මාධ්‍ය හමුවට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික එරංග ගුණසේකර.

මේ අතර ඉකුත් ජනාධිපතිවරණයේදී සමබර ප්‍රවෘත්ති වාර්තාකරණය සිදුකළ රේඩියෝව ලෙස නෙත් එෆ් එම් රේඩියෝව යුරෝපා සංගමයේ ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ වාර්තාවෙන් නම් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිලෙම්න්තු මන්ත්‍රී විජිත හේරත් පළ කළේ මෙවන් අදහසක්.