Saturday, April 27, 2024

General line - 0115112241

ගැටලු කියන්න පැය 24 පුරා ක්‍රියාත්මක දුරකතන අංක කිහිපයක් 




රට තුළ පවතින තත්ත්වය පදනම් කරගෙන ජනතා පැමිණිළි භාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24 පුරා විවෘතව තැබීමට පියවර ගෙන තිබෙනවා.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඒ සඳහා ජනතාවට දුරකතන අංක කිහිපයක් ද හඳුන්වා දී තිබෙනවා.

රජය ලබා දෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයේ ක්‍රියාකාරකම් පිළිබඳව එහිදී පැමිණිලි කළ හැකියි.