Saturday, April 27, 2024

General line - 0115112241

අද සහ හෙට මහාධිකරණ හා මහේස්ත්‍රාත් අධිකරණ විවෘතයි




අද සහ හෙට දෙදින තුල සියලූම මහාධිකරණ සහ මහේස්ත‍්‍රාත් අධිකරණවල කාර්යය මණ්ඩලයන්ට ඔවුන්ගේ ආයතනික නිල හැඳුනුම්පත ඇඳිරි නීති බලපත‍්‍රයක් ලෙස භාවිත කිරීමට අවසර ලබාදී තිබෙනවා.

ඇප නියම කර තිබියදී ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකිවීමෙන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන්ගේ ඇප ලිහිල් කිරීම සඳහා මහාධිකරණ සහ මහේස්ත‍්‍රාත් අධිකරණවල කාර්යාල කටයුතු අද සහ හෙට සිදුකිරීමට නියමිතයි.

එම අධිකරණවල කාර්යය මණ්ඩලයට ඔවුන්ගේ ආයතනික නිල හැඳුනුම්පත අද සහ හෙට ඇඳිරිනීති බලපත‍්‍රයක් ලෙස භාවිත කිරීමට අවසර ලබාදීම ද ඒ අනුව සිදුකර තිබෙනවා.