Saturday, April 27, 2024

General line - 0115112241

"ඇති දේ බෙදාහදා ගැනීම සහ හැකි දේ අප විසින්ම වගා කිරීම" වැඩසටහනට යහපත් ප්‍රතිචාර




ඇතිවි තිබෙන ව්‍යවසන අවස්ථාවට මුහුණදීම සඳහා විහාරස්ථානය පෙරමුණ ගත යුතු බවට යෝජනා කරමින් නෙත් එෆ්. එම්. රේඩියෝව අපි ජාතික බලවේගයත් සමග එක්ව ආරම්භ කළ ශ‍්‍රී ලාංකේය විශ්වකර්ම පෙළහරට මේ වනවිටත් බොහෝ පිරිස් යහපත් ප‍්‍රතිචාර දක්වමින් සිටිනවා.

ඇති දේ බෙදාහදා ගැනීම, හැකි දේ අප විසින්ම වගා කිරීම සහ යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීම සඳහායි ශ‍්‍රී ලාංකේය විශ්වකර්ම පෙළහරේදී ජනතාව දිරිමත් කෙරෙන්නේ.

ඒ අනුව සංවිධාන වූ බෙල්ලන්විල රාජමහා විහාරස්ථ භික්ෂූන් වහන්සේ සහ දායක සභාව එක්ව අවශ්‍යතා සහිත පවුල් වෙත අත්‍යවශ්‍ය ආහාර සපයාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඇඳිරි නීති රෙගුලාසිවලට යටත්ව වෛද්‍ය උපදෙස් ද පිළිපදිමින් මෙම වැඩපිළිවෙළ මෙහෙයවන බවයි බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් පැවසුවේ. 

මේ අතර ශ‍්‍රී ලාංකේය විශ්වකර්ම පෙළහරේදී යෝජනා කරන පරිදි සිය ගෙවත්ත ගොවිබිමක් කර ගැනීමට මේ වනවිටත් බොහෝ පිරිස් උනන්දු වී සිටිනවා. එහෙත්, ඇතැම් කෙනෙකු කියා සිටියේ වගා කිරීම සඳහා බීජ හෝ පැළ සපයා ගැනීම කෙසේ සිදු කරන්නේ දැයි නොදන්නා බවයි. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂගෙන් විමසා සිටියා. ඔහු පැවසුවේ නිවසටම බීජ සහ පැළ ලබාදීමේ යාන්ත‍්‍රණයක් කඩිනමින් සකස් කරන බවයි. ඊට අදාළ සාකච්ඡාවක් මේවනවිටත් පැවැත්වෙනවා.