Saturday, April 27, 2024

General line - 0115112241

කොළඹ නගරයේ විශේෂ ආරක්ෂක සැලැස්මක් : STF මාර්ග බාධක 16ක් යොදවයි




කොළඹ නගරයේ ආරක්ෂාව වෙනුවෙන් නගරයට ඇතුල්වීමේ සියළුම මාර්ග ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද දින සිට මාර්ග බාධක 16ක් යෙදවූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මත කොළඹ නගරයට ඇතුල්වන පුද්ගලයින් සම්බන්ධයෙන් විමසිලිමත් වීම සහ වෙනත් දිස්ත්‍රික්ක වලින් පැමිණෙන පුද්ගලයින් කොළඹ නගරයට ඇතුල්වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කර ඇති නගර සහ ගම්මානවල පදිංචි පුද්ගලයින් කොළඹ නගරයට ඇතුල්වීම වැළැක්වීම මෙහි මුලික අරමුණ බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ.

මේ දිනවල අධිකරණ කටයුතු පැවැත්වෙන බැවින් එම කටයුතු සඳහා සහභාගිවන නීතිඥවරුන්ට තම නිවස සහ අධිකරණය අතර ප්‍රදේශය තුල ඇඳිරි නිතිය පනවා තිබුණත් ගමන් කිරිමට අවසර හිමිවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ.

එලෙස ගමන් කරන නීතිඥවරුන් සහ නීතිඥවරියන් සිය නිල රාජකාරි ඇඳුමෙන් සිටීම අනිවාර්ය බවත් ඔහු හෝ ඇය ආරක්ෂක අංශ විසින කළ ඉල්ලීම් වලදී තමන්ගේ රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කිරිමට කටයුතු කළ යුතු බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.