Saturday, April 27, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය පාලනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අට වැදෑරුම් යෝජනාවලියක්




කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියයට 80 ක ප‍්‍රශස්ථ සංචරණ සීමාවක් සහතික කිරීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අට වැදෑරුම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. ඇඳිරි නීතිය වරින්වර ලිහිල් කිිරීම හේතුවෙන් රට තුළ කොරෝනා වෛසරය වේගයෙන් පැතිරීමේ අවධානම වසංගත රෝග ප‍්‍රක්ෂේපණයන් මගින් පෙන්නුම් කරන බවයි එම සංගමය පැවසුවේ.

මෙවැනි කරුණු මුල්කර ගනිමින් අට වැදෑරුම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට අද රැුස්වූ සිය සංගමයේ විධායක සභාව තීරණය කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය සාරද කන්නන්ගර  පැවසුවේ. 

සංචරනය අවශ්‍ය නොවන නිවෙස් හඳුනාගැනීම, ආහාර නිෂ්පාදනය කරන පිරිස් හඳුනා ගැනීම, නිෂ්පාදන ද්‍රව්‍ය ප‍්‍රවාහනය සහ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ක‍්‍රමවේදයක් සකස් කිරීම ඔවුන් යෝජනා කළ අට වැදෑරුම් වැඩපිළිවෙළට අයත් බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.  

සලාක වශයෙන් ද්‍රව්‍ය සකස් කිරීම, නිවෙස්වලට බඩුබාහිරාදිය බෙදාදීම, අඩුපාඩු පිළිබඳ පැමිණිලි කිරීමේ ක‍්‍රමවේදයක් සැකසීම ද මෙම අට වැදෑරුම් වැඩපිළිවෙළට ඇතුළත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය සාරද කන්නන්ගර වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.