Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දීය අගමැතිවරයා රට වැසියන්ගෙන් කළ ඉල්ලීම




රට සම්පූර්ණයෙන් වසා දමා ඇති පසුබිමක සිය ජනතාවගේ චිත්ත ධෛර්යය නැංවීම උදෙසා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව එළඹෙන ඉරිදා රාතී‍්‍ර කාලයේදී සියලූ නිවෙස්වල මිනිත්තු 09 ක කාලයක් විදුලිපහන් නිවා දමා, ආලෝක ධාරාවක් රැගෙන සිය නිවෙස් ඉදිරිපිටට පැමිණෙන ලෙයසි අග‍්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ. 

ඒ සඳහා ඉටිපන්දම් හෝ ජංගම දුරකථනවල විදුලි බල්බ භාවිත කරන ලෙස ද ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා යෝජනා කර තිබෙනවා.  

මේ අතර එළඹෙන ජූනි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය කල් දැමීමට රොමේනියාව ද තීරණය කර තිබෙනවා. ඒ එරට තුළ පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන්. 

මේ අතර චීනයේ බීජිං අගනුවරට පැමිණීමෙන් වළකින්නැයි එරට විදේශ කටයුතු අමාත්‍යංශය විදෙස් රාජ්‍ය තාන්ත‍්‍රිකයින්ට දන්වා තිබෙනවා. චීනය මෙම පියවර ගෙන ඇත්තේ විදෙස් රටවල් රැසක වැසියන් හට චීනයට ඇතුළුවීම තහනම් කර ඇති පසුබිමක් තුළයි. 

මේ අතර නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහළ යාම හමුවේ පාසල් සහ සේවා ස්ථාන තාවකාලිකව වසා දැමීමට සිංගප්පූරුව තීරණය කර තිබෙනවා. එහෙත් රට තුළ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව කි‍්‍රයාත්මක බවයි විදෙස් වාර්තා පැවසුවේ. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ගත් පියවර හමුවේ සිංගප්පූරුව ප‍්‍රංශසාවට ලක්ව තිබුණත්, මේවනවිට එරටින් නව කොරෝනා මරණ 05 ක් වාර්තා වන්නේ ආසාදිතයින් 1,114 දෙනෙකු ද සමගයි.