Saturday, April 27, 2024

General line - 0115112241

05 වන පුද්ගලයාත් කොරෝනා වෛරසයට බිළිවෙයි 




කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගත කර සිටි තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව එම වෛරසය වැළදීමෙන් මෙරට ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 05ක් වනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ. ඔහු ඉතාලියේ සිට මෙරටට පැමිණි 44 හැවිරිදි පුද්ගලයෙක් බවයි රෝහල් බලධාරීන් සඳහන් කරන්නේ.

මෙම පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මාර්තු මස 23 වෙනිදා වැලිකන්ද රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව 26 වෙනිදා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවයි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.

එම පුද්ගලයාට වෙනත් කිසිදු රෝගයක් නොතිබූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටින්නේ.