Saturday, April 27, 2024

General line - 0115112241

කොරෝනා අර්බුධය මැද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වර්ජනය සති දෙකකින්




සිය නිලධාරීන් අද කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තීය කි‍්‍රයාමාර්ගය දින 14 ක කාලයක් සඳහා අත්හිටුවීමට ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. 

ඒ, සෞඛ්‍ය බලධාරීන් සමග පැවැති සාකච්ඡුාවකදී සිය ඉල්ලීම් කිහිපයකට විසඳුම් ලැබීමත් සමගයි. 

කෙසේවෙතත්, සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි ප‍්‍රකාශ කර තිබුණේ ඉල්ලීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබියදීත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙවැනි තීරණයකට එළඹීම කණගාටුවට කරුණක් බවයි. 

ඔවුන්ගේ සේවය අවශ්‍ය මෙවන් අවස්ථාවක, ඔවුන් සිය වෘත්තීය ගරුත්වයට ද හානි කරමින් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ.

කෙසේවෙතත්, නීතිමය කටයුතු සිදුකිරීමේදී සිය නිලධාරීන්ට මතුව ඇති ගැටලූ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කරුණු පැහැදිළි කළ බව එම සංගමයේ භාණ්ඩාගාරික යසස් මුදලිගේ සඳහන් කළා.