Saturday, April 27, 2024

General line - 0115112241

කොරෝනා ආසාධිතයන් සිවුදෙනෙකු වෛරසයට ගොඳුරු වූ අයුරු අභිරහසක් - අධි වසංගතයක් ගැනත් අනතුරු ඇඟවීම්




කොරෝනා වෛරසය ආසාදනය වී ඇති මෙරට පුද්ගලයින්ගෙන් සිව්දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇත්තේ කෙසේදැයි මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

සමාජයේ කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයින් ද සිටිය හැකි බවටයි එම සංගමය සඳහන් කළේ. 

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් වෙන් නොකර සමාජය තුළ ගැවසීමට ඉඩහැරීම අධි වසංගත තත්ත්වයක් කරා ළගාවීමට හේතුවනු ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති සාරද කන්නන්ගර ප‍්‍රකාශ කළේ.

කොරෝනා වෛරසය සීග‍්‍රයෙන් රට තුළ ව්‍යාප්තවීමත් සමග ජනතාව පෙරට වඩා සෞඛ්‍ය පුරුදුවලට යොමුවිය යුතු කාලසීමාවක් පැමිණ ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

එමෙන්ම සමාජය අතර ගැවසීමෙන් වැළකී තමන්ට අවශ්‍ය ආහාර බෝග සිය ගෙවත්තේම වගා කරගැනීමට පුරුදුවීම ද මේ මොහොතේ දී යෝග්‍ය බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති සාරද කන්නන්ගර වැඩිදුරටත් සඳහන් කළේ.