Friday, April 26, 2024

General line - 0115112241

භූමිදානයද ? ආදාහනයද ? කොරෝනා මල සිරුරු පිළිබඳ තීරණයක් ගන්න කමිටුවක් පත් කරන්නැයි වෛද්‍ය නිළධාරීන්ගෙන් ඉල්ලීමක්




නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග මතුව ඇති කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත ලිපියක් යොමු කර තිබෙනවා. 

නව කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන සමාජ කථිකාව පිළිබඳ මෙම ලිපියේ සඳහන්. 

ඒ අනුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස සිය සංගමය, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලූත්ගේ නෙත් නිවුස් වෙත පැවසුවේ. 

මතුව ඇති තත්ත්වයට විසඳුම් ලබාගැනීම සඳහා කඩිනමින් මෙම කමිටුව පත් කරන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.