Saturday, April 27, 2024

General line - 0115112241

විදෙස් රටවල සිරවී සිටින ලාංකිකයින් 33 දෙනෙක් දිවයිනට ගෙන්වා ගැනීමට අවසර




කොරෝනා තර්ජනය හමුවේ විදෙස් රටවල ගුවන්තොටුපලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු ලංකාවට ගෙන්වීමට අමාත්‍ය දිනේශ් ගුණවර්ධන ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය ලැබුණු බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

අද (9) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව හෙළි කර සිටියා.

ඔවුන් ලංකාවට පැමිණි පසු දින 21ක නිරෝධායනයට ලක් කරන්න බලාපොරොත්තු වනවා. ඔවුන්ට ලංකාවට ඒමට අවසර ලබාදී තිබෙන බව මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියා.