Saturday, April 27, 2024

General line - 0115112241

කොරෝනා රෝගියා සමග සම්බන්ධකම් තිබු 28 දෙනෙක් නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් අල්ලා ගනියි




ඉකුත් ඉරිදා ජා-ඇල පමුණුගම ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා සමග සමීප සම්බන්ධකම් පවත්වනු ලැබූ 28 දෙනෙකු සොයා ගැනීමට නාවික හමුදා බුද්ධි අංශය අද (09) සමත්ව තිබෙනවා.

මොවුන් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා දැඩිව ඇබ්බැහිව සිටි පුද්ගලයින් බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම පිරිස අදාළ කොරෝනා ආසාධිත රෝගියා සමග සමීපව සම්බන්ධකම් පැවැත්වීම නිසා ඔවුන්ට සිය නිවෙස් තුලදී ස්වයං නිරෝධායනය වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උපදෙස් ලබාදී තිබුණා.

කෙසේ වුවත් ඔවුන් එම නිරෝධායන උපදෙස් උල්ලංඝණය කොට ප්‍රදේශයේ විවිධ ස්ථානවල මත්ද්‍රව්‍ය සොයා සැරිසරන නිසා ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරිමට සෞඛ්‍ය බලධාරින් සහ පොලිසිය එක්ව ක්‍රියා කලත් ඔවුන් නිවෙස් වලින් කට්ටි පැන ගොස් ඇත.

ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමග නාවික හමුදාවේ බස්නාහිර පළාත් බුද්ධි ඒකකය විසින් සිය නිලධාරින් යොදවා එම පුද්ගලයින් 23 දෙනා සොයා ගැනීමට අද සමත්ව තිබෙනවා.

මේ වන විට ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර එතෙක් එම පිරිස මීගමුව, සුදුවැල්ල ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයක රඳවා තැබීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

නිරෝධායන වැඩපිළිවෙල කඩ කරමින් කටයුතු කළ මෙම පිරිස සොයා ගැනීමට ජා-ඇල පොලිසිය සහ සුදුවැල්ල මරඳමඩු දේවස්ථානයේ මීසම් පාලකවරයා නාවික හමුදාවට සහය ලබාදී ඇත.

 ප්‍රදේශවාසීන්ගේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යමය හේතූන් මත ඔලුවිල් පුදේශයේ ස්ථාපිත සියළු පහසුකම් වලින් සමන්විත නාවික හමුදා නිරෝදායන මධ්‍යස්තානය වෙත ගෙන යාමට නියමිතය.