Saturday, April 27, 2024

General line - 0115112241

ජනපති වෙත එවූ ලිපිය මාධ්‍ය වෙත නිකුත්වීම ගැන මවිතයට පත්වුණා : ජනාධිපති ලේකම් ගෙන් මැකෝට පිළිතුරු ලිපියක්




මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා විසින් ජනාධිපතිවරයාගේ අවධානය සඳහා තමන් වෙත එවන ලද ලිපිය සිය කාර්යාලයට ලැබීමට පෙර මාධ්‍ය වෙත නිකුත් කිරිම සම්බන්ධයෙන් තමන් මවිතයට පත්වූ බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි.ජයසුන්දර සඳහන් කර සිටිනවා.

මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරනු ලැබුවා. ඒ ජනාධිපති ලේකම්වරයාගේ මාර්ගයෙන්.

එම ලිපියට පිළිතුරක් ජනාධිපති ලේකම්වරයා විසින් යවනු ලැබුවා.

ඒ අනුව මැතිවරණ කොමිසන් සභාවේ කාර්යයන්ට සහ වගකීම්වලට මැදිහත් වීමට ජනාධිපතිවරයා අදහස් නොකරන බවයි ජනාධිපති ලේකම්වරයා සිය ලිපියේ පසඳහන් කර ඇත.

එමෙන්ම අප්‍රේල් මස 25 වෙනිදා මැතිවරණය පැවැත්වීමට නොහැකිනම් වෙනත් දිනයක් ප්‍රකාශයට පත් කිරිමට මැතිවරණ කොමිසන් සභාව බැඳී සිටින බවයි මෙහිදී එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.