Saturday, April 27, 2024

General line - 0115112241

“වෛරයෙන් බලන්න එපා – පණිවුඩය තේරුම් ගන්න”




ජන සටන පාද යාත‍්‍රාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්න කිහිපයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (03) පිළිතුරු ලබාදුන්නා.

ඒ, මෙම පාද යාත‍්‍රාව දෙස වෛරීව නොබලා ජනතාව දුන් පණිවුඩය නිවැරදිව තේරුම් ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් ද කරමින්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් සමග මෙම කතාබහට එක්වූයේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුවයි.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයෙක් බවත් තමන් ඉදිරියේ කවුරුන් හෝ ‘හූ’ කිව්වේ නැති බවත් එසේ උත්සහ කළා නම් තමා එසේ කිරීමට ඉඩ නොතබන බවයි. ආණ්ඩු පක්ෂයෙන්ද පාද යාත්‍රාවට සහභාගී වීම සඳහා පිරිසක් එවා තිබූ බවත් පැවසුවා. ඇතැම් පිරිසක් පක්ෂ කාර්යාලයට කඳුලු ගෑස් ගස්සවා සීල් තබා තිබූ බවද අමතක නොකළ යුතු බවයි හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසුවේ.