Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දියාවේ කර්මාන්තශාලාවක ගෑස් කාන්දුවක් : 8ක් මරුට - මිනිසුන් සිහිසුන්ව මහ මග ඇද වැටේ




ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේ වීශාකපට්ටනම් හි කර්මාන්තශාලාවක සිදුවූ ගෑස් කාන්දුවකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙක් ජිවිහ්ක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය සඳහන් කලේ ගෑස් කාන්දුව හේතුවෙන් අසනීපවූ පුද්ගලයින් සංඛ්‍යාව 1,000ක් බවත් ඉන් පුද්ගලයින් 200ක්  රෝහල් ගත කොට ඇති බවයි.

මේ වන විට එම කර්මාන්තශාලාව ආසන්නයේ පිහිටි ගම්මාන 03ක ජනතාව ඉවත් කොට ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරිමට බලධාරින් විසින් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

කර්මාන්තශාලාවෙන් නිකුත් වූ මෙම ගෑස් ආඝ්‍රාණය වීමෙන් ඇතැම් පුද්ගලයින් සිහිසුන්ව මග දෙපස වැටී සිට හමුව ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර සිටියා. ඒ අනුව අවට ගම්මානවල පිහිටි නිවෙස් එකිනෙක පරික්ෂා කිරිමට එරට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

ඇතැම් පුද්ගලයින් හිටි හැටියේ සිහිමුර්ජාවී බිම ඇඳන් වැටෙන අයුරු එරට සමාජ මාධ්‍ය ඔස්සේ පලවී ඇති වීඩියෝ වල දැක්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.