Saturday, April 27, 2024

General line - 0115112241

ඉතාලිය සංචාරණ සීමා ලිහිල් කරයි




කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ක‍්‍රම - ක‍්‍රමයෙන් අඩු වීමත් සමග ලොව පුරා බොහෝ රටවල්, මේ දක්වා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙතෙක් පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කිරීමට ඉතාලි රජය ගත් තීරණය අනුව තමන් ජීවත්වන ප‍්‍රදේශය තුල නිදහසේ සංචාරය කිරීමටයි ඉතාලි වැසියන්ට අවස්තාව උදා වී ඇත්තේ. එහෙත් ප‍්‍රදේශයකින්  ප‍්‍රදේශයකට සංචරණය කිරීමට, විදෙස්ගත වීමට සහ විදෙස් රටවල සිට ඉතාලියට පැමිණීමට අවසර හිමිවන්නේ ජුනි මස 3 වනදා සිටයි. ආර්ථිකය යලි විවෘත කෙරුණ ද ඉතාලි වැසියන් තවදුරටත් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කල යුතු වනවා. එමෙන්ම පාසැල්  තවදුරටත් වසා තැබෙන අතර මහජන ඒකරාශීවීම් ද තහනම් වනු ඇති.

අයර්ලන්තයේ ආර්ථික කටයුතු ලබන සඳුදා සිට ආරම්භ වන අතර තවදුරටත් ඇඳීරි නීති සීමා ලිහිල් කිරීමට නම් මනා පාලනයකින් යුතුව හැසිරෙන ලෙසයි එරට රජය මහජනතාවට දැනුම් දී ඇත්තේ. කෙසේ වෙතත්, නෝර්වේ අග‍්‍රාමාත්‍ය අර්නා සෝල්බර්ග් පවසන්නේ, එරට තුළ පනවා ඇති සංචරණ සීමා ලබන අගෝස්තු මස 20 වනදා දක්වා කි‍්‍රයාත්මක බවයි. චෙක් ජනරජය ලබන 25 වනදා සිට එරට අවන්හල්, හෝටල් සහ පිහිනුම් තටාක විවෘත කිරීමටත්, මහජන ඒකරාශීවීම් සඳහාත් අවසර ලබා දී තිබෙනවා. 

මේ අතර, ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට චීනයෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද ඉක්මවා ගොස් තිබෙනවා. කොරෝනා වෛරසය ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 82,941 ක් වන අතර මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 86,595 ක්.