Friday, April 26, 2024

General line - 0115112241

ලබන සතියේ දුම්රියෙන් එන්න 16,000ක් ලියාපදිංචි වෙලා 




ලබන සතියේ දුම්රියෙන් ගමන් පහසුකම් සලසා ගැනීමේ අරමුණින් 16,000 කට වැඩි පිරිසක් මේ වනවිට ලියාපදිංචි වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී එස් පොල්වත්තගේ නෙත් නිවුස් වෙත පැවසුවේ පවතින තත්ත්වය සලකා අතිරේක දුම්රියන් ධාවනයට සැලසුම් කර ඇති බවයි.

සති අන්ත දීර්ඝ නිවාඩු සැලකිල්ලට ගෙන අද පස්වරුවේ අතිරේක දුම්රිය දෙකක් ධාවනයට එක් කළ බවද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා. එමෙන්ම මාස දෙකකට පසු අද පළමු වරට සුඛෝපභෝගි දුම්රියන්ද ධාවනය කෙරුණා.