Saturday, April 27, 2024

General line - 0115112241

ලංකාව තුළ කොරෝනා වසංගත පාලනය සාර්ථකයි - වෛද්‍ය විශේෂඥයෙක් පවසයි




ශී‍්‍ර ලංකාව තුළ කොරෝනා වසංගතය සාර්ථක ලෙස පාලනය වෙමින් ඇතැයි ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පවසනවා. කෙසේවෙතත් ඔහු කියාසිටියේ ජනතාව සතු වගකීම තවදුරටත් මෙම කටයුතු සදහා අත්‍යවශ්‍ය බවයි.

තවදුරටත් සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කිරීමේ වැදගත්කමද මෙහිදී පැහැදිලි කෙරුණා.

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසන්නේ ඇතැම් පුද්ගලයින්ට මේ වනවිට ආරක්‍ෂා කළ යුතු නිසි සෞඛ්‍ය උපදෙස් පවා අමතක වී ඇති බවයි. කොරෝනා සමයේ කටයුතු කළ ආකාරය ජනතාව කිසි ලෙසකින් හෝ අමතක නොකළ යුතු බවයි එම සංගමයේ ලේකම් මහින්ද බාලසූරිය කියාසිිටියේ.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 13 දෙනෙකු අද රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 250ක්.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව මේ වනවිට 620 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.